ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වන දින “මූල්‍ය සාක්ෂරතා මාසය” ආරම්භ කරනු ලබන අතර එය මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා පෙරදැක්ම යටතේ ක්‍රියාත්මක වන අතර එය “මූල්‍ය සාක්ෂරතාවයෙන් හෙබි ශ්‍රී ලංකාවක්” නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් දැක්මට අනුකූල වේ.
Published Date:
Tuesday, September 9, 2025