Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 මැයි මාසයේ දී ඉහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 මැයි මාසයේ දී සියයට 6.1 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 9.7හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 10.3 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල්   මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 2.5 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 5.3හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 5.4 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 අප්‍රේල්

ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ අප්‍රේල් මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ අප්‍රේල් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පුළුල් වූ අතර, සංචාරක අංශයේ ඉපැයීම් අඩු මට්ටමක පැවතුණි. 2020 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව, 2021 වසරේ අප්‍රේල් මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහ‍ළ අගයක පැවතුණ ද, 2021 වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී එම අගයයන් පහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, 2021 වසරේ අප්‍රේල් මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින්, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එහි වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය. මේ අතර, චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම මාසය තුළ දී ශක්තිමත් විය. අප්‍රේල් මාසයේ මැද භාගයේ ඇති වූ උච්චාවචනයන් හැරුණුකොට ශ්‍රී ලංකා රුපියල මාසය පුරාම සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 මැයි

මැයි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

COVID-19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ඇතිවූ අහිතකර බලපෑම් හේතුවෙන් මැයි මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී.

COVID-19 වසංගතයේ තෙවන රැල්ල ක්‍රමයෙන් වර්ධනය වීමට සමගාමීව, 2020 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ අවම අගය වාර්තා කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 මැයි මාසයේ දී 39.5ක් දක්වා තවදුරටත් පහළ ගියේය.

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැන ව්‍යාප්තිය හමුවේ බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා සහන සැලසීම

කෝවිඩ්-19 ව්‍යසනයේ තෙවන ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමොගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වල (මින් ඉදිරියට බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, පහත සහනයන් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටිමින් 2021 අංක 06 දරන කෝවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම යන චක්‍රලේඛය නිකුත් කරන ලදි.

කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ බැංකු සේවා සැපයීම

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ පොලිස්පතිගේ අනුමැතිය /එකඟතාවය ලබා ගැනීමෙන් අනතුරුව, සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා විධි විදාන තරයේ අනුගමනය කරමින් අත්‍යාවශ්‍ය බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට බලපත්‍රලාභී බැංකු වෙත මේවන විට උපදෙස් ලබා දී ඇත.

පෞද්ගලික අංශය මඟින් විදේශයන්ගෙන් ණය ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුව, රට තුළට ගලා එන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, ගරු මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානවලට අනුකූලව, තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදාගනිමින් විදේශයන්ගෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අවස්ථා උදාකරගැනීම පිණිස පෞද්ගලික අංශයට ඇරයුම් කර සිටියි.

මේ සම්බන්ධව, අක්වෙරළ ණය සඳහා විදේශ විනිමය අනුපාතය නිසා සිදුවන අවදානම ආවරණය (hedge) කිරීමට, ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලික අංශයේ ණය ලබාගන්නන් සඳහා ශුන්‍ය පිරිවැය හුවමාරු ගිවිසුම් පහසුකම සපයයි. මෙය ණය ලබාගන්නා කාල සීමාවට පවතින අතර එය වාර්ෂිකව සමාලෝචනය කර අළුත් කරනු ලැබේ.

විකල්පයක් ලෙස, පෞද්ගලික අංශය සඳහා, අක්වෙරළ ණය ගැනීමේ කාලයන් හා ගලපමින් ආසන්නයේදීම සිදු කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවට අදාල බරිත සාමාන්‍ය ස්ථාවර අනුපාතිකය/බරිත සාමාන්‍ය සීමාව පදනම්ව හෝ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා පත්කළ නියෝජිතයින් හරහා අන්‍යොන්‍ය වශයෙන් එකඟ වූ අනුපාතයකට, විදේශයන්ගෙන් රැස් කරන ලද එක්සත් ජනපද ඩොලර් අරමුදල්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ඇත.

Pages

නිවේදන