2025 ඔක්තෝබර් මාසයේ දී ඉදිකිරීම් කටයුතු තවදුරටත් වර්ධනය විය

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 64.3ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයේ දී වාර්තා වූ ඉහළම අගයට පසුව වාර්තා වූ මෙම ඉහළ අගය මගින් ඉදිකිරීම් කටයුතුවල තිරසාර ධනාත්මක දැක්මක් පෙන්නුම් කරයි.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙකු විසින් රාජ්‍ය අංශයේ නව ව්‍යාපෘතිවල වැඩිවීමක් වාර්තා කිරීමත් සමග ඔක්තෝබර් මාසයේදී නව ඇණවුම් දර්ශකය තවදුරටත් වර්ධනය විය. ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ඉහළ යෑමෙන් ඉදිකිරීම් ආයතනවල විස්වාසය තවදුරටත් ඉහළ නැංවීම පිළිබිඹු කරමින්, සේවා නියුක්තිය  සහ තොග මිලදී ගැනුම් දර්ශක මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, November 28, 2025