ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රථම සමාලෝචනය සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (ආසන්න වශයෙන් එකසත් ජනපද ඩොලර් මිලියන 162.6ක) දෙවන වාරිකය 2016 නොවැම්බර් 18 දින මුදා හරින ලදි.
විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රධාන අරමුණ වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා උපකාර කිරීමයි. සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස විශේෂයෙන් ම වෙළෙඳපොළ විශ්වාසය වර්ධනය කිරීමට සහ විදේශීය අංශය මත වූ පීඩනය අඩු කිරීමට දායක වන ලද රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අරමුණු කර ගත් ක්‍රියාමාර්ග සහ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම ඇගැයීමට ලක් කළේ ය. ජූනි මස අග භාගය දක්වා වූ සියලු ම ප්‍රමාණාත්මක කාර්ය සාධන දර්ශක සපුරා ගැනීම සඳහා රජය සහ අනෙකුත් ආයතන විසින් ගනු ලැබූ උත්සාහයන් දූත පිරිසගේ ඇගැයීමට ලක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාමාජිකයන් ද දැනට ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම යටතේ වූ සපුරා ගැනීම් පිළිබඳ ව ප්‍රසාදය පළ කර ඇත.















2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි.