2017 නොවැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 ඔක්තෝබර් මාසයේ පැවැති සියයට 8.8ට සාපේක්ෂ ව 2017 නොවැම්බර් මාසයේ දී සියයට 8.4ක් දක්වා පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 7.1 හි සිට 2017 නොවැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේ ය. 

මාසික වෙනස් වීම් සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.8 හි සාට 2017 නොවැම්බර් මාසයේ දී දර්ශක අංක 126.4 දක්වා ඉහළ ගියේ ය. සැපයුම් අංශයේ අහිතකර ප්‍රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. පොල්, අමු මිරිස් සහ එළවළුවල මිල ගණන් ඉහළ යෑම ප්‍රමුඛ විය. කෙ සේ නමුත්, මාළු සහ පලතුරු මිල ගණන් පහළ ගියේ ය. මේ අතර, වෛද්‍ය රසායනාගාර ගාස්තු සහ පුද්ගලික රෝහල් කාමර ගාස්තුවල ඉහළ යෑමක් නිරීක්ෂණය විය. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය වසරේ මුල් මාසවල සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේ ය. ඒ අනුව, ලක්ෂ්‍යමය පදනම මත 2017 ඔක්තෝබර් මාසයේ දී පැවැති සියයට 4.1 හි සිට 2017 නොවැම්බර් මාසයේ දී සියයට 2.8 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.6 හි සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, December 21, 2017