2016 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායමෙහි වර්ධනයට වඩා ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2016 දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. මෙම මාසය තුළ දී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හිතකර වර්ධනයක් වාර්තා කළේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යම් ලැබීම් ප්‍රමාණයක් වාර්තා වුව ද, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය.