Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 7.6හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 8.1 දක්වා ඉහළගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. තව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.1හි පැවතුණි.

2020 මාර්තු 23 වන දින බැංකු කටයුතු

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

කොරෝනා (COVID -19) වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි

කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 පෙබරවාරි

2020 පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මන්දගාමීත්වයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 53.6 ක් ලෙස වාර්තා විය. නව ඇණවුම් සහ සේවා නියුක්තියෙහි සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූ අතර, නව කොරෝනා වෛරසයේ (COVID-19) බලපෑම හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

2020 පෙබරවාරි මාසයේ දී සේවා අංශය පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වර්ධනය වූ අතර, නව කොරෝනා වෛරසයෙහි (COVID-19) බලපෑම නිසා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම්හි වර්ධනය මන්දගාමී වීම මේ සඳහා හේතු විය.

කොරෝනා (COVID-19) වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරිත්වයට සහායවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 16 වැනි දින පැවැති හදිසි රැස්වීමේදී, 2020 මාර්තු 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR), පිළිවෙළින්, සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි  සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා (COVID -19)  වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව සමඟ ආර්ථික කටයුතු සඳහා සහාය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය.

Pages