ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු 2020.07.13 දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත. ඒ අනුව 2020.07.25 වැනි සෙනසුරාදා දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කෙරනු ඇත. මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙනු ඇත.















