2019 නොවැම්බර් මස 21 වන දින ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය “ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රතිපත්ති අවිනිශ්චිතතා වැඩි කරයි” (Sri Lanka Election Result Increases Policy Uncertainty”) යන තේමාව යටතේ නිකුත් කරනු ලැබූ ප්‍රකාශයට ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව විරෝධය පළ කරනු ලබයි. එමගින්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ අතිගරු ජනාධිපතිතුමා විසින් රාජකාරි භාර ගැනීම හා දැනට සිදු කෙරෙමින් පවත්නා ප්‍රධාන පත්වීම් පිළිබඳව වෙළඳපොළෙන් පෙන්නුම් කරන ලද ධනාත්මක ප්‍රතිචාරයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිරූපණය කෙරෙයි.