විදේශයන්හී සේවා නියුක්ත ශ්රී ලාංකිකයන් විසින් මෙරටට සිදු කරන ප්රේෂණ ශ්රී ලංකාවට විදේශ විනිමය ගලාඑන වැදගත්ම ප්රවාහයක් වි ඇති අතර, පසුගිය වසර 5 තුළදී එහි වාර්ෂික සාමාන්ය වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 7 ඉක්මවයි. රජය හා ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉහත දැක්වු විදේශීය ණය නොවන ආකාරයේ විදේශ විනිමය ගලා එ්ම් වල වැදගත්කම හා ස්ථාවරභාවය සැළකිල්ලට ගනිමින් විදේශයන්හී සේවා නියුක්ත ශ්රී ලාංකිකයන්ට මෙන්ම ශ්රී ලංකාවට ද එකී ප්රේෂණ වලින් උපරිම ප්රතිලාභ ලඟා කර ගැනිම තහවුරු කරනු වස් වැදගත් පියවර රැසක් ගනිමින් සිටියි.















