ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.7 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 7.5හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, February 22, 2021