සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශයට පත් කළ පරිදි, විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව සහ රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් තොරතුරු ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.















ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කටාර් මහ බැංකුවේ අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය.