Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 මාර්තු මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 6.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගියේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 පෙබරවාරි

පූර්ව වසංගත මට්ටම දක්වා අපනයන වර්ධනය වීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වීම සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය 2021 වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය කෙරෙහි හිතකර බලපෑමක් ඇති ක‌ළේ ය.  2021 වස‌රේ පෙබරවාරි මාසයේ වෙළෙඳ හිඟය මීට වසරකට පෙර වාර්තා වූ මට්ටමේ ම නො වෙනස් ව පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2021 වසරේ පෙබරවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන හා සම්බන්ධ ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2020 ජූලි මාසයේ දී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවි‍ධානයේ පහසුකමක් වශයෙන් ඉන්දියානු සංචිත බැංකුව හරහා ලබා ගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම කල් පිරීමෙන් අනතුරු ව 2020 පෙබරවාරි මාසයේ දී  ගෙවා නිම කරන ලදී. මාසය තුළ දේශීය විදේශ විනිමය වෙළළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය ලිහිල් කළ අතර, ක්‍රියාත්මක කරනු ලැබූ නියාමනයන් හේතුවෙන් ශුද්ධ පදනම මත මහ බැංකුවට විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට අවකාශය සැලසුණි.

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බලපත්‍රලාභී මුදල් සමාගම්වලට නියාමන රාමුවක් හඳුන්වා දෙයි

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත  අරමුදල් නම්‍යශීලී කරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පැනවී ය. මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති කරනු ලැබිය හැකි මූල්‍ය විචලනයන් ස්ථායී කිරීම සහ එවැනි විදේශ මුදල් ණයට ගැනීම් සඳහා අවදානම් කළමනාකරණ රාමුවක් සැපයීම යි.

අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම

භාණ්ඩ අපනයන කරුවන්ගෙන් ලද ඉල්ලීම් සළකා බලා 2021.03.09 දින ප්‍රසිද්ධ කරන ලද අංක 2218/38 දරන අතිවිගේෂ ගැසට් පත්‍රය, මුදල් මණ්ඩලය විසින් පහත පරිදි සංශෝධනය කරන ලදී. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 මාර්තු

රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වඩා ඉහළ වේගයකින් යථාතත්වයට පත්වීම පිළිබිඹු කරමින්, 2021 මාර්තු මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67.0ක් ලෙස මාස 9ක් තුළ ලබාගත් ඉහළම අගය වාර්තා කරන ලදී. නිෂ්පාදනය, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම්  උප දර්ශකවල ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශවල නව ඇණවුම් සහ නිෂ්පාදනය උප දර්ශක වල සිදුවූ සැලකිය යුතු වැඩි වීම සමස්ත දර්ශකයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක විය. අලුත් අවුරුදු උත්සව සමය ආසන්නවත්ම විකුණුම් මෙන්ම නිෂ්පාදනය ඉහළ ගිය බව ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ බොහෝ ප්‍රතිචාර දක්වන්නන් විසින් සඳහන් කරන ලදී. තවද, ඉදිරි උත්සව සමය වෙනුවෙන් ලබාදෙන නිවාඩු දින ආවරණය කිරීම සඳහා මෙම මාසයේදී සිය නිෂ්පාදනය වැඩි කළ බව රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

'ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයෙහි' ව්‍යාපාර කටයුතු අත්හිටුවීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, 2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5:00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා තීරණය කරන ලදී. ආයතනයේ මූල්‍ය  තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, 2020 ජුලි 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කරන ලද අතර, එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම 2021 ජනවාරි 12 වන දින දක්වා බල පැවැත්වුණි. ව්‍යාපාර කටයුතු අත්හිටවූ මාස හයක (06) කාල සීමාව නිමවන විටද, ප්‍රාග්ධන යෙදවීමක් මඟින් ආයතනය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් වීමක් නොවූ අතර, ආයතනයෙහි මූල්‍ය  තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්විය.

Pages

නිවේදන