විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජනවාරි

ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය අඩු වීම සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 ජනවාරි මාසයේ දී අංශ ගණනාවක් ඔස්සේ තවදුරටත් යථා තත්ත්වයට පත් විය. 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 2021 ජනවාරි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය අඩුවීම, වෙළඳ භාණ්ඩ අපනයනයහෙි පහළ වැටීම අභිබවා වෙළඳ භාණ්ඩ ආනයන පහළ වැටීමේ ප්‍රතිඵලයකි. මේ අතර, විදේශීය ජංගම ගිණුම ශක්තිමත් කරමින් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 ජනවාරි මාසයේදී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුම සැලකීමේදී , 2021 ජනවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන සුළු ලැබීමක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2021 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ලක් වුව ද, මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ රජය විසින් අත්‍යවශ්‍ය නොවන ආනයන සදහා වන සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම පීඩනය පාලනය කිරීමට උපකාරී විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, March 11, 2021