කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 7.9 දක්වා ඉහළ ගියේ ය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.4හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.3 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, February 25, 2021