Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විශේෂ තැන්පතු ගිණුම් සඳහා 2% ක් දක්වා වාර්ෂික අමතර පොළියක් ප්‍රදානය කිරීම අවුරුදු 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීම

විදේශ විනිමය සැලකියයුතු ප්‍රමාණයක් රට තුළට ආකර්ෂණය කර ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක ප්‍රතිඵල සලකා බලා ගරු මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහිතව, තැන්පතු තැබීමේ පළමු දිනයේ සිට මාස 24ක සමුච්ඡිත කාලපරිච්ඡේදයක් දක්වා විශේෂ තැන්පතු ගිණුම් නැවත ආයෝජනය කිරීම සඳහා අවසර ප්‍රදානය කිරීමට තීරණය කර ඇත. එලෙස නැවත ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිණුම් රජය විසින් පිරිනමනු ලබන 2%ක් දක්වා වන වාර්ෂික අමතර පොළිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩි-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රියෙල් මස 08 වන දින විශේෂ තැන්පතු ගිණුම් හඳුුන්වාදෙන ලදී. ඒ අනුව, 2021 ජූලි මස 02 වන දින වන විට විශේෂ තැන්පතු ගිණුම්වලට ලැබී ඇති මුළු තැන්පතු ප්‍රමාණය ආසන්න වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 458 ක් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජූලි මස 07 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි.

ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 65 වසරක් සපිරීම සහ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 100 වන සංවත්සරය නිමිත්තෙන් සමරු කාසි නිකුත් කිරීම

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,000 මුහුණත වටිනාකමින් යුත් රන් සහ රිදී සමරු කාසි නිකුත් කරනු ලබයි. දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය සඳහා වූ විශේෂ ගෞරවයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම කාසි නිකුත් කෙරේ.

බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ස්‍වරෛීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම

බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල කෙරෙන ආයෝජනයන් සම්බන්ධව, බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයට අඛණ්ඩව හානි කෙරෙන අයුරින් හා සමපේක්ෂණයන් දිරි ගැන්වෙන පරිදි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් සිදු කෙරෙන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට සහ ආයෝජක ප්‍රජාවට පහත සඳහන් තොරතුරු ලබා දීමට අපේක්ෂා කරයි.

ආයෝජන අවස්ථාවන් සලසා දීම සහ විදේශ අරමුදල් මෙරටට ගලා ඒම තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින්, පහත සඳහන් දෑ ඇතුළත්ව අවදානම් කළමනාකරණය කිරීමේ සියලු ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් විදේශයන්ගෙන් රැස්කරගන්නා ලද අරමුදල් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල, සම සමව ආයෝජනය කිරීමේ අවසරය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ලබාදී ඇත.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද නව නියමය

විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගරු මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් නිකුත් කරන ලද අතර එය 2021 ජූලි 02 දිනැති අංක 2234/49 දරන අති විශේෂ ගැසට් නිවේදනවල පළ කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2021 ජූලි 02 වනදා සිට ආරම්භ වන මාස හයක (06) කාල සීමාව සඳහා පහත දැක්වෙන අත්හිටුවීම්/සීමාකිරීම් ක්‍රියාත්මක වේ.

සම්පුර්ණ ලිපිය

Pages

නිවේදන