මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක්රමයක් ලෙස කුඩා හා මධ්ය පරිමාණ වෙළෙන්ඳන් සහ පාරිභොගිකයන් අතර LANKAQR ගෙවීම් ක්රමවේදය ප්රචලිත කිරීමේ අරමුණින් LANKAQR ජනගතකරණ වැඩසටහනක් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින ශ්රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලදී.
සාර්ව ආර්ථික සහ මූල්ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි ප්රකාශයට පත් කළ පරිදි, විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව සහ රජය ලබා ඇති ප්රගතිය පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුව පහත සඳහන් තොරතුරු ආයෝජකයින් සහ සාමාන්ය ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
ශ්රී ලංකා මහ බැංකුව සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කටාර් මහ බැංකුවේ අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.7හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා පහළ ගියේය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පැවති සියයට11.1හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.
මුල්ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යාම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. 2021 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් යම් වැඩිවීමක් පෙන්නුම් කළ අතර, මුළු සංචාරක පැමිණීම් සංඛ්යාව අඩු මට්ටමක පැවතුණි. 2021 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණවල අඩු වීමක් පිළිබිඹු විය. 2021 වසරේ දී ජාත්යන්තර මූල්ය අරමුදලේ (ජා.මූ.අ.) විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) වෙන්කිරීම් යටතේ ශ්රී ලංකාවට අදාළ කොටස අගෝස්තු මාසයේ දී ලැබුණි. තවද, 2021 වසරේ අගෝස්තු මාසයේ දී ශ්රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර ඇති කර ගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ මූලික අදියරේ විනිමය හුවමාරු වීම සිදු විය.
2021 ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති උපදේශන කමිටුව ප්රතිස්ථාපනය කරන ලදී. මෙලෙස ප්රතිස්ථාපිත මුදල් ප්රතිපත්ති උපදේශන කමිටුව පෞද්ගලික අංශයේ සහ අධ්යාපන ක්ෂේත්රයේ ප්රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත අතර ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති සහ ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතා එහි සභාපතිත්වය දරයි. ස්ටැසන් සමාගම් සමූහයේ ප්රධාන මූල්ය නිලධාරී දමිතා කූක් මහත්මිය; ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති නිරංජන් දිසානායක මහතා; ඇක්සස් එන්ජිනියරින් පීඑල්සීහි කළමණාකාර අධ්යක්ෂ ක්රිස්ටෝපර් ජෝෂුවා මහතා; ආර්ථික විද්යා මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා; බ්රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා; සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ කළමණාකාර අධ්යක්ෂ අශෝක් පතිරගේ මහතා; වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා මහතා; මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ජෙයම් පෙරුමාල් මහතා; ඩීඑස්අයි සැම්සන් සමූහයේ සම්මානනීය කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා; විශ්රාමික ජ්යෙෂ්ඨ බැංකු නිළධාරී රුසිරිපාල තෙන්නකෝන් මහතා; සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ ප්රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මුදල් ප්රතිපත්ති උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ආර්ථික විද්යාව, මූල්ය හා සංඛ්යාලේඛන සම්බන්ධ තවත් ප්රස්ථාර බලන්න.
More Videos
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්රාථමික නිකුතු දින දසුන
ද්විතියික වෙළෙඳපොළ වෙළෙඳ සාරාංශය
ලංකාසෙක්යු සේවා
තවත්