ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර, 2021.12.01 සිට 2021.12.31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා එ.ජ. ඩොලරයකට රුපියල් 8.00ක අමතර දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව එ.ජ. ඩොලරයකට රු. 10.00කි.