Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ඔක්තෝබර්

2021 වසරේ මැයි මාසයේ සිට මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය වෙළඳ භාණ්ඩ හිඟය, 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා තවදුරටත් පහළ ගියේය. ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ඉපැයීම් අගය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ අතර, අපනයන ඉපැයීම් අඛණ්ඩව පස්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්ම විය. අපනයන ඉපැයීම්වල සිදු වූ මෙම වර්ධනයන් සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ඉහළ යෑමත් සමඟ ඉදිරි කාලය තුළ දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත විදේශ විනිමය ලැබීම ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආනයන වියදම ද 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී සංචාරක පැමිණීම්වල වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළේය. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් මාසය තුළ දී සුළු ප්‍රමාණයක් වාර්තා විය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 201ක මට්ටමක පැවතුණි.

ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම හදිසි ලෙස පහත හෙළීමේ ක්‍රියාවට රජය තරයේ විරෝධය පළ කරයි

සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුවේය. මෙම ක්‍රියාව, මෑතක දී, එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මූඩීස් ආයෝජන සේවාව විසින් සිදු කරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත් කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය.

පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.)1 – 2020

COVID-19 වසංගතය පැතිරීම මධ්‍යයේ, බස්නාහිර පළාත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස අඛණ්ඩව පැවති අතර සමස්ත ආර්ථිකයේ සිදු වූ පසු බෑම කෙරෙහි එහි දායකත්වයේ අඩු වීම ද හේතු විය.

රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ඉහළම දායකත්වය (සියයට 38.0) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. කෙසේ වෙතත්, වසංගත තත්ත්වය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම හේතුවෙන්, එහි දායකත්වය 2019 වසරේ සිට සියයට 1.0 කින් අඩු වී ඇත. මධ්‍යම පළාත (සියයට 11.3) සහ වයඹ පළාත (සියයට 11.0) පිළිවෙලින් දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් ලබා දී ඇත.

වයඹ, දකුණ, සබරගමුව සහ උතුරු මැද පළාත්වල දායකත්වයන්හි ඉහළ යාමක් සිදු වී ඇති අතර බස්නාහිර සහ උතුරු පළාත්වල දායකත්වය පෙර වසරට සාපේක්ෂව අඩු වී ඇත. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 නොවැම්බර්

2021 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තවදුරටත්   ඉහළ යන ලදී.

රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථාවත් වීම හේතුකොටගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය තවදුරටත් ඉහළ යමින් 2021 නොවැම්බර් මාසයේදී 61.9ක අගයක් වාර්තා කරන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 62.1ක දර්ශක අගයක් වාර්තා කළේය. 

ණය තොරතුරු කාර්යාංශය විසින් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත රුපියල් මිලියන 50ක මුදලක් පිරිනමනු ලබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකාවෙහි කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සහ ආශ්‍රිත සුබසාධන වැඩසටහන අරමුණු කරගත් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත දේශීයව පුළුල් වගකීම් සමූහයක් පැවරී තිබේ. දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ට ද “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත තම මූල්‍ය දායකත්වයන් සිදු කළ හැකිය.

“කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලෙහි“ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනී මහතා විසින් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත පිරිනමන ලද රුපියල් මිලියන 50 ක පරිත්‍යාගය පිළිගන්නා ලදී.

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින අතර එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ අතරතුරදී, පහත දක්වා ඇති බලයලත් මුදල් හුවමාරු කරන්නන්, පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇත. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාල විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස දන්වා ඔවුන්ට නිවේදන නිකුත් කරන ලදී.

Pages