Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2022’ Publication

‘Economic and Social Statistics of Sri Lanka – 2022’, an annual publication of the Central Bank of Sri Lanka, is now available for public access.

Statistics Department of the Central Bank of Sri Lanka publishes this booklet, which consists of statistical tables categorised under eight major areas, i.e. ‘National Accounts’, ‘Economic and Social Infrastructure’, ‘Prices, Wages and  Employment’, ‘External Trade and Finance’, ‘Government Finance’, ‘Money and Capital Markets’, ‘Financial Sector’ and a section including statistics of other countries. This publication will be a useful collection of information for those who are interested in socio-economic statistics.

The English version of this publication is available in electronic form and can be accessed through the Central Bank website (http://www.cbsl.gov.lk).

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජූලි මාසයේ දී සියයට 66.7ක් වශයෙන් වාර්තා විය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජුනි මාසයේ පැවති සියයට 58.9හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 66.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 75.8හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 82.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 43.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 52.4 දක්වා ඉහළ ගියේය. 

ඉඩම් තක්සේරු දර්ශකය - 2022 වසරේ පළමු භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය සියයට 17.0 ක වාර්ෂික වර්ධනයක් සමඟ 2022 වසරේ පළමු භාගයේ දී දර්ශකාංක 186.9 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම වාර්ෂික වර්ධනය (සියයට 17.0) මෙන්ම අර්ධ වාර්ෂික වර්ධනය (සියයට 4.6), 2021 වසරේ දෙවන භාගයේ දී වාර්තා වූ වර්ධන ප්‍රවණතාවට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරයි.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 20.6 ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් වාණිජ සහ නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණි.

අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ/ විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබා දීම

මහජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල්, බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින්, තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් හට පහත සඳහන් දෑ සඳහා 2022.08.15 දින සිට මසක පොදු සමා කාලයක් ලබා දී ඇත.

i. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ

 

ii. බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට 

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයක් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත්ව මිල පීඩන ලිහිල් වීම් පෙන්නුම් කරනු ලබන නවතම දත්ත පදනම් කරගත් පුරෝකථන සලකා බලන ලදී. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සේවා වියුක්තිය ඉහළ යෑමේ අවදානමක් ද පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් කළ බව පවසමින් විවිධ වෙබ් අඩවිවල, සමාජ මාධ්‍යන්හි පළ වන සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලදැයි කියනු ලබන ලිපියක සිංහල පරිවර්තනයක් ලෙස හුවා දක්වමින් පළ කෙරෙන ප්‍රවෘත්ති කිහිපයක් මේ දිනවල විවිධ වෙබ් අඩවිවල සහ සාමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතියි. 

උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි.......මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි........මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක” යන මාතෘකාව හෝ ඊට සමාන මාතෘකා යටතේ මෑතක දී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය ද එයට එක් උදාහරණයකි. 

Pages

නිවේදන