Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2022 ජනවාරි මස උද්ධමනය - කො.පා.මි.ද.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.0හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 25.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.5හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.2දක්වා ඉහළ ගියේය.

බැංකු නොවන මූල්‍ය ආයතන ඒකබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙල කඩිනමින් අනුගමනය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබමින් පවතින බැංකු නොවන මූල්‍ය ආයතන ඒකබද්ධ කිරීම සඳහා වන  වැඩපිළිවෙල යටතේ (ඒකාබද්ධකරණ වැඩපිළිවෙල), පහත සමාගම් 9 විසින් දැනටමත් රුපියල් බිලියන 12.56ක් වූ නව ප්‍රාග්ධනය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට හඳුන්වා දී ඇත: සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් පී එල් සී , ඩයලොග් ෆයිනෑන්ස් පී එල් සී, ඒෂියා ඇසෙට් ෆයිනෑන්ස් පී එල් සී, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් පී එල් සී, පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පී එල් සී, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පී එල් සී, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී, යූ බී ෆයිනෑන්ස් කම්පැනි ලිමිටඩ් සහ සී/ස රිචඩ් පීරිස් ෆයිනෑන්ස් ලිමිටඩ්.  

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 නොවැම්බර්

2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කළ අතර, අඛණ්ඩ ව හයවන මාසයටත් එක්සත් ඩනපද ඩොලර් බිලියනය ඉක්ම විය. මේ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගියේ ය. අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම පිළිබිඹු කරමින් වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 600ට සාපේක්ෂ ව 2021 වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 553ක් දක්වා අඩු විය. සංචාරක පැමිණීම් ඉහළ යෑමේ පැහැදිලි සලකුණු පෙන්නුම් කරමින්, පසුගිය මාසයට සාපේක්ෂ ව කැපී පෙනෙන වර්ධනයක් සමඟින් සංචාරක පැමිණීම් අඛණ්ඩ ව ඉහළ ගියේ ය. 2021 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළේ ය. මාසය තුළ අන්තර් බැංකු වෙළෙඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලරයට රුපියල් 202ක පමණ මට්ටමක පැවතුණි.

මහ බැංකුව, විදේශ විනිමයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ගෙන් ගෙවීම් භාර ගැනීම හෝටල් සේවා සැපයුම්කරුවන් වෙත අනිවාර්ය කරයි

ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී.

මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

මෙම රීති නිකුත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින්;

2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 7.0 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 14.0 දක්වා ඉහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.0 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 16.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 01-2022 ජනවාරි

පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, සාර්ව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජනවාරි මස 19 වැනි දින පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී:

Pages