රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවන් අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් වනුයේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකමයි. විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සැපයීමට බලපා ඇත. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාවයක් සහතික කිරීම සඳහා, අපනයන ඉපැයීම් රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා පැනවීමට මහ බැංකුවට සිදු විය. තවද, විදේශ විනිමය පිටතට ගලායාම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ඇතැම් ආනයන හා ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආන්තික අවශ්‍යතා හඳුන්වාදීම් මෙන්ම, අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලා ඒම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත. මෙම නියාමන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය සහ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ වෙළඳ ප්‍රජාවේ සහ බැංකු පද්ධතියෙන් ලැබෙන සහයෝගය සහ සහයෝගීතාවය මතය. කෙසේ වෙතත්, ඇතැම් වෙළඳපොළ පාර්ශවකරුවන් මෙම රෙගුලාසිවලට සම්පුර්ණයෙන්ම අනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇත.















ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස 2022 ජුලි 27 දින සිට වසර හයක කාලයක් සඳහා නැවත පත් කර ඇත. මින් පෙර ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා ද සහ 2022 මැයි මාසයේ සිට 2022 ජුලි මාසය දක්වා ද මුදල් මණ්ඩලයේ සේවය කළේ ය.