ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයක් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත්ව මිල පීඩන ලිහිල් වීම් පෙන්නුම් කරනු ලබන නවතම දත්ත පදනම් කරගත් පුරෝකථන සලකා බලන ලදී. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සේවා වියුක්තිය ඉහළ යෑමේ අවදානමක් ද පවතී.














