කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 60.8හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 64.3ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 90.9හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 93.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 46.5හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 50.2 දක්වා ඉහළ ගියේය.














