ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙනු ලබන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කළේ ය. දැනට ප්‍රකාශයට පත් කර ඇති රුපියල් බිලියන 150ක සීමාව තුළ 'සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන' ණය යෝජනා ක්‍රමය සහ මුදල් නීති පනතෙහි 83 වන වගන්තියට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත කළ සහන ණය පහසුකමට සමගාමී ව, 2020 ජුලි 1 වැනිදා සිට මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත.