ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 65 වසරක් සපිරීම සහ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 100 වන සංවත්සරය නිමිත්තෙන් සමරු කාසි නිකුත් කිරීම

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,000 මුහුණත වටිනාකමින් යුත් රන් සහ රිදී සමරු කාසි නිකුත් කරනු ලබයි. දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය සඳහා වූ විශේෂ ගෞරවයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම කාසි නිකුත් කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, July 6, 2021