ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්යවහාරික ආර්ථික විද්යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2021 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වූ ශ්රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්යවහාරික ආර්ථික විද්යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්රී ලංකා මහ බැංකුව අඛණ්ඩව දෙවන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු (Emerging Issues for Macroeconomic Stability) මෙම වසරේ තේමාව විය.















"A Step by Step Guide to Doing Business in Sri Lanka" ප්රකාශනයේ නවවන සංස්කරණය (ඉංග්රීසි), ශ්රී ලංකා මහ බැංකුව විසින් මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. ව්යාපාරික ප්රජාවට සහ විදේශීය ආයෝජකයින්ට ප්රයෝජනවත් වන තොරතුරු වලින් සමන්විත මූලාශ්රයක් වන මෙය පරිහරණය කිරීම මඟින් එවැනි තොරතුරු ලබාගැනිම සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ්රී ලංකාව තුළ ව්යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට පවත්නා රෙගුලාසි පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේදි ව්යාපාරයක් ඇරඹීමට සැලසුම් කරන ව්යවසායකයින් සඳහා වැදගත් වන අනෙකුත් තොරතුරු ද මෙහි ඇතුලත් කොට තිබේ. 