ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය - 2019

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂ ව 2019 වසරේ දී 0.802ක අගයක් වාර්තා කළේ ය. මේ සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය' සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇත.

සංචාරක හා ඒ ආශ්‍රිත කර්මාන්ත කෙරෙහි පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් ඇති වූ බලපෑම මත විරැකියාව ඉහළ යෑම සහ 2019 වසරේ අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් පදනම් කොට ගෙන සාපේක්ෂ ව ඉහළ උද්ධමනයක් වාර්තා වීම, ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ව ආරක්ෂාව පිළිබඳ ව ඇති වූ අවිනිශ්චිතතාව සමඟ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතය අඩු වීම, සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ පහළ යෑම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය විය.

සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය සහ මහජනතාවගේ වත්කම් යන අංශවල ඉහළ වර්ධනය, ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයේ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, December 28, 2020