ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ඔක්තෝබර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ඉදිරි කාලය තුළ දී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීම සඳහා සහාය වන අතර ම සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීන ව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී.















"A Step by Step Guide to Doing Business in Sri Lanka" ප්රකාශනයේ නවවන සංස්කරණය (ඉංග්‍රීසි), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. ව්‍යාපාරික ප්‍රජාවට සහ විදේශීය ආයෝජකයින්ට ප්‍රයෝජනවත් වන තොරතුරු වලින් සමන්විත මූලාශ්‍රයක් වන මෙය පරිහරණය කිරීම මඟින් එවැනි තොරතුරු ලබාගැනිම සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට පවත්නා රෙගුලාසි පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේදි ව්‍යාපාරයක් ඇරඹීමට සැලසුම් කරන ව්‍යවසායකයින් සඳහා වැදගත් වන අනෙකුත් තොරතුරු ද මෙහි ඇතුලත් කොට තිබේ.