ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 දින සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත් කරන ලදී. මින් පෙර, ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.
කොළඹ ලංකා විශ්වවිද්යාලයෙන් තම විද්යාවේදී උපාධිය ලබා ගත් ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ගරු අධි සාමාජිකයෙකි. ඔහු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පොදු සමාගමෙහි ජ්යෙෂ්ඨ ස්වාධීන අධ්යක්ෂ සහ සමූහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් ඉන්ඩස්ට්රීස් සමාගමෙහි සභාපති, බ්රැන්ඩික්ස් ලංකා සමාගමෙහි විධායක නොවන අධ්යක්ෂවරයෙකු සහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් වෙන්චර්ස් සමාගමෙහි විධායක නොවන අධ්යක්ෂවරයෙකු සහ ආයෝජන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරයි.