Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 50.6හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද 2023 වසරේ දී උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 පෙබරවාරි

2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ආදායමෙහි අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා විය.

2023 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව වර්ධනය විය.

මෑත මාසවලට සාපේක්ෂව 2023 වසරේ පෙබරවාරි මාසය තුළ දී දළ නිල සංචිත තවදුරටත් ශක්තිමත් විය.

විනිමය අනුපාතිකය තීරණය කිරීමේ දී ඉහළ නම්‍යශීලීභාවයකට ඉඩ හැරීමෙන් පසුව 2023 වසරේ මාර්තු මාසයේ දී විනිමය අනුපාතය සැලකිය යුතු ලෙස  අතිප්‍රමාණය විය.

2023 වසරේ පෙබරවාරි මාසයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීම් වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එ.ජ.ඩො. බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම අනුමත වූ අතර එහි පළමු වාරිකය 2023 වසරේ මාර්තු මාසයේ දී ලබා දෙන ලදී.

2023.03.30 දින මංගතව පැවැත්වූ ආයෝජක ඉදිරිපත් කිරීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර් බිලියන 7ක අරමුදලක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ජා.මූ.අ වැඩසටහන 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලදී. මෙම ජා.මූ.අ වැඩසටහන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පැහැදිලි පෙර දැක්මක් සපයන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරමින්, රටට තම වර්ධන හැකියාව යළි ලබා ගැනීමටත්, එහි ආර්ථික අවදානම් සහගත තත්ත්වයන් සඳහා පිළියම් යෙදීමටත් ඉඩ සලසනු ඇත. 

අද දින අපි ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය විස්තර කිරීමට සහ ජා.මූ.අ. වැඩසටහනෙහි ප්‍රධාන ආධාරකයන් සහ අරමුණු මෙන්ම, ණයහිමියන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමට ආයෝජක ඉදිරිපත් කිරීමක් පැවැත්වූවෙමු. 

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන් වලට හසු වී ඇති බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ ණය පහසුකම යටතේ එ. ජ. ඩොලර් බිලියන 3ක් අනුමත කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට වි. ගැ. හි. බිලියන 2.286ක (එ. ජ. ඩොලර් බිලියන 3ක් පමණ) විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලදී. 

විස්තීර්ණ ණය පහසුකම යටතේ සහාය දක්වන වැඩසටහනේ අරමුණු වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්වයට පත්කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමයි. සියලුම වැඩසටහන් ක්‍රියාමාර්ග වඩාත් අවදානමට ලක්විය හැකි සමාජ කාණ්ඩ ආරක්ෂා කිරීමේ සහ යහපාලනය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වේ.

වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ණය තිරසාරභාවය යථා තත්වයට පත්කරනු ලබන ණය සදහා විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සහයෝගීතාව ඉතා වැදගත් වනු ඇත.

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2023 පෙබරවාරි

2023 පෙබරවාරි මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 පෙබරවාරි මාසයේ දී 42.3ක අගයක් වාර්තා කරන ලදී.

සේවා අංශයේ පසුබෑමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 පෙබරවාරි මාසයේ දී 48.7ක දර්ශක අගයක් දක්වා පහත වැටුණි.

Pages