ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පළමු සමාලෝචනය සම්පුර්ණ කරයි

ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 337ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවිය.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක විය. එක් කාර්ය සාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම නිර්ණායක මෙන්ම, එක් දර්ශක ඉලක්කයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ද ජූනි මස අවසානයේ දී සපුරා ගන්නා ලදී. 2023 ඔක්තෝබර් මස අග වන විට ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. ජා.මූ. අරමුදලේ  පාලන නිර්ණය පිලිබඳ ක්‍රියාවලිය සිදුකළ පළමු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින්, බලධාරීන් විසින් පාලන නිර්ණ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී. 

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම, රජයේ ආදායම් ඉහළ නැංවීම, සංචිත ස්වාරක්ෂක නැවත ගොඩ නැගීම, උද්ධමනය අඩු කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම උදෙසා බලධාරීන් ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇත. පාලනය (governance) වැඩිදියුණු කිරීම සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා දැඩි කැපවීම ඉතා වැදගත් වේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, December 13, 2023