පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.) - 2022

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සඳහා බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් 2022 වසරේ දී ද ප්‍රමුඛ දායකත්වය ලබා දී ඇත. 

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ලබා දෙන දායකත්වය වඩාත් සවිමත් කරගනිමින්, බස්නාහිර පළාත විසින් නාමික ද.දේ.නි. සඳහා දක්වන දායකත්වය 2022 වසරේ දී සියයට 43.4ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය බොහෝ ආර්ථික කටයුතු තුළින් දක්නට ලැබුණු අතර, සේවා සහ කර්මාන්ත අංශ තුළ විශේෂයෙන් කැපී පෙනුණි. තවද, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් අනුපිළිවෙළින් වයඹ (සියයට 11.2) සහ මධ්‍යම (සියයට 10.0) පළාත් විසින් ලබාදෙන ලදී.

නාමික. ද.දේ.නි.ට බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලින් දක්වන ලද දායකත්ව 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ඉහළ ගොස් ඇති අතර, උතුරු මැද පළාතෙන් ලැබුණු දායකත්වය නොවෙනස්ව පැවතුණි. මේ අතර, ප්‍රධාන වශයෙන් මිල මට්ටම් ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් 2022 වසර තුළදී සියළුම පළාත්වල නාමික ද.දේ.නි. සැළකිය යුතු ලෙස වර්ධනය වී ඇත. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, December 27, 2023