ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට වි. ගැ. හි. බිලියන 2.286ක (එ. ජ. ඩොලර් බිලියන 3ක් පමණ) විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලදී.
විස්තීර්ණ ණය පහසුකම යටතේ සහාය දක්වන වැඩසටහනේ අරමුණු වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්වයට පත්කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමයි. සියලුම වැඩසටහන් ක්‍රියාමාර්ග වඩාත් අවදානමට ලක්විය හැකි සමාජ කාණ්ඩ ආරක්ෂා කිරීමේ සහ යහපාලනය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වේ.
වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ණය තිරසාරභාවය යථා තත්වයට පත්කරනු ලබන ණය සදහා විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සහයෝගීතාව ඉතා වැදගත් වනු ඇත.















It is with deep sorrow that we announce the demise of former Governor of the Central Bank of Sri Lanka (CBSL), Mr. H.B. Dissanayake.