Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, 2023 මාර්තු මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි, පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 දක්වා පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළේය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 51.7හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී  අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 ජනවාරි

වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය, පෙර වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මාසයේ දී පහළ ගියේය.

පසුගිය වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මාසයේ දී ආනයන වියදම පහළ මට්ටමක පැවති අතර, අපනයන ආදායම පහළ ගියේය

2023 වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව ඉහළ ගියේය

2023 වසරේ ජනවාරි මාසය අවසන් වන විට දළ නිල සංචිත ශක්තිමත් වූ අතර, 2023 වසරේ ජනවාරි මාසයේ දී විනිමය අනුපාතිකය ස්ථාවරව පැවතුණි.

2023 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

ඉඩම් තක්සේරු දර්ශකය - 2022 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය සියයට 14.8ක වාර්ෂික වර්ධනයක් සමඟ 2022 වසරේ දෙවන භාගයේ දී දර්ශකාංක 205.2 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය.

වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකය සියයට 15.7ක ඉහළම වාර්ෂික වැඩිවීමක් වාර්තා කළ අතර, අනුපිළිවෙලින් නේවාසික අනු දර්ශකය (15.2) සහ කාර්මික අනු දර්ශකය (13.6) ද වාර්ෂික වැඩිවීම් වාර්තා කරන ලදී. කෙසේ වුවද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වැඩිවීමේ යම් පහත වැටීමේ ප්‍රවණතාවයක් 2022 දෙවන භාගයේ දී දක්නට ලැබුණු අතර කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකයෙහි වාර්ෂික වැඩිවීම පහත වැටීම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2022 දෙවන භාගයේ දී නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකවල වාර්ෂික වර්ධනය සුළු වශයෙන් ඉහළ යන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2023 ජනවාරි

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවලට අනුව 2023 ජනවාරි මාසයේදී, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබුණු අතර,  නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් තවදුරටත් දක්නට ලැබුණි.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජනවාරි මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරයි. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජනවාරි මාසයේ දී දර්ශකාංක 4.0කින් පහළ යමින් 40.8ක අගයක් වාර්තා කළ අතර, මේ කෙරෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ පහත වැටීම හේතු විය.

මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි

ශ්‍රී ලංකා මහ බැංකු මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතන මගින් සපයනු ලබන සේවාවන් වලට අදාල මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් පුළුල් නව රෙගුලාසි මාලාවක් සකස් කර ඇති අතර එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතන සඳහා ඒකාබද්ධ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුවක් හඳුන්වා දීම අරමුණු කර ඇත. මෙම නව රෙගුලාසි මගින් වෙළඳපොළ හැසිරීම සුපරීක්ෂණය සඳහා අධීක්ෂකයන් හට අවශ්‍ය නියාමන බලතල නිශ්චය කිරීම අපේක්ෂා කරන අතර පසුකාලීනව මූල්‍ය පාරිභෝගිකයින් විසින් කරනු ලබන පැමිණිලි අවම කිරීමේ අවශ්‍යතාවය අරමුණු කර ගනිමින් මූල්‍ය සේවා ලබා දීමේදී / ලබා ගැනීමේදී සලකා බැලිය යුතු ක්ෂේත්‍ර පිළිබඳ සේවා සපයන්නන් සහ ලබන්නන් යන දෙපාර්ශවයටම පැහැදිලි බවක් ලබාදීම ද අපේක්ෂා කර ඇත.

සම්පුර්ණ ලිපිය

 

Pages