Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - 2024 ජූලි

2024 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේ දී  දර්ශකාංක 59.5ක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යෑම  දායක විය.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) විසින් ක්‍රියාත්මක කරනු ලබන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය ඉහළ නැංවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් සිය ප්‍රථම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව එහි පුළුල් සන්නිවේදන උපායමාර්ග යටතේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම මඟින් මහ බැංකුවේ කටයුතුවල විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා ද වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව උපකාරී වනු ඇත.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 ජූනි

තරමක ඉහළ වෙළෙඳ හිඟයක් පැවතිය ද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ධනාත්මකව පැවතුනි.

වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් වුවද, 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව පහළ ගියේය.

Pages