Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන් වලට හසු වී ඇති බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ ණය පහසුකම යටතේ එ. ජ. ඩොලර් බිලියන 3ක් අනුමත කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට වි. ගැ. හි. බිලියන 2.286ක (එ. ජ. ඩොලර් බිලියන 3ක් පමණ) විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලදී. 

විස්තීර්ණ ණය පහසුකම යටතේ සහාය දක්වන වැඩසටහනේ අරමුණු වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්වයට පත්කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමයි. සියලුම වැඩසටහන් ක්‍රියාමාර්ග වඩාත් අවදානමට ලක්විය හැකි සමාජ කාණ්ඩ ආරක්ෂා කිරීමේ සහ යහපාලනය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වේ.

වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ණය තිරසාරභාවය යථා තත්වයට පත්කරනු ලබන ණය සදහා විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සහයෝගීතාව ඉතා වැදගත් වනු ඇත.

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2023 පෙබරවාරි

2023 පෙබරවාරි මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 පෙබරවාරි මාසයේ දී 42.3ක අගයක් වාර්තා කරන ලදී.

සේවා අංශයේ පසුබෑමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 පෙබරවාරි මාසයේ දී 48.7ක දර්ශක අගයක් දක්වා පහත වැටුණි.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහත්මා විසින් සිදු කරන ප්‍රසිද්ධ දේශනය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, අනුමත වීමෙන් අනතුරුව මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය වේ. මේ වන විට මෙම පනත් කෙටුම්පත මහජන අදහස් සඳහා විවෘතව පවතී.

මෙම යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ සිංහල මාධ්‍යයෙන් ප්‍රසිද්ධ දේශනයක්, මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම දේශනයෙන් අනතුරුව දේශනයට සහභාගීවන්නන් හට මේ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා සම්පත් දායක මඩුල්ලක සහභාගීත්වයෙන් සාකච්ඡා වටයක් පැවැත්වීමටද නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියෙස මගින් සංවිධානය කරනු ලබන මෙම දේශනය 2023 මාර්තු මස 16 වන දින පස්වරු 2.30 සිට 4.30 දක්වා අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයෙහි පිහිටි බැංකු විදු පියෙස ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම දේශනය සඳහා සහභාගී විය හැකි අතර, දේශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල යූටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව ඔස්සේද සමගාමීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කළ සමරු කාසිය අලෙවි කිරීම

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් 2023.03.09 දින සිට කාසියක් රු.6,000 කට පහත සඳහන් මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කරගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කෙරෙනු ඇත. 

සම්පුර්ණ ලිපිය

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පුද්ගලයන් සඳහා සහන සැලසීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එමඟින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසු ඇති වූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට ණය සහන ඇතුළුව විවිධ සහන ලබා දීමට යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යූහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් විය.

සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ප්‍රවාහන, පාසල් වෑන් රථ, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත. කොවිඩ්-19 බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් හට ලබා දී ඇති ණය සහන කාල සීමාවේ අවසාන අදියර බැංකු අංශය සදහා 2022.06.30 දිනෙන්ද බැංකු නොවන මුල්‍ය ආයතන අංශය සදහා 2022.03.31 දිනෙන්ද අවසන් විය.

Pages