කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූලි මාසයේ දී සියයට 2.4ක් ලෙස වාර්තා විය. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය, ඉලක්කගත මට්ටම වන සියයට 5ට වඩා පහළ අගයක පැවතුණි.
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූනි මාසයේ දී දර්ශකාංක 59.5ක් වූ අතර, එය පසුගිය සමීක්ෂණ වාර තිහක් තුළ වාර්තා කල ඉහළම දර්ශක අගය වේ. මේ වන විට ක්රියාත්මකවන ඉදිකිරීම් ව්යාපෘති බොහොමයක් බහුපාර්ශ්වික ආයතනවල මූල්යාධාර මත සිදුකරන මාර්ග අළුත්වැඩියා කිරීමේ සහ ජලසම්පාදනය හා සම්බන්ධ ව්යාපෘතිවලින් සමන්විත වන බව සමීක්ෂණයට ප්රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජූලි මස 23 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුණි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.
2024 වසරේ මැයි මාසයේ දී වෙළඳ හිඟය අඩු වීම, සේවා අංශය වෙත වූ ලැබීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම මගින් විදේශ අංශයට සහාය විය.
වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය, වාර්ෂික ලක්ෂමය පදනම මත, 2024 වසරේ මැයි මාසයේ දී අඩු වූ 2024 ජනවාරි-මැයි කලපරිච්චයේ දී ඉහළ ගියේය.
ආර්ථික විද්යාව, මූල්‍ය හා සංඛ්යාලේඛන සම්බන්ධ තවත් ප්රස්ථාර බලන්න.
More Videos
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්රාථමික නිකුතු දින දසුන
ද්විතියික වෙළෙඳපොළ වෙළෙඳ සාරාංශය
ලංකාසෙක්යු සේවා
තවත්