අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. විශේෂයෙන්ම, බලපත්‍රලාභී බැංකුවලට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීමෙන් පසු, එම සියලුම ප්‍රේෂණ මහ බැංකුවේ නීතිරීතිවලට අනුකුලව බලහත්කාරයෙන් පරිවර්තනය කරනු ලබන බවට පදනම් විරහිත මතයක් ව්‍යාප්ත වී ඇත. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම්, අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීතිවලට යටත් නොවේ. බලපත්‍රලාභී බැංකු සහ වෙනත් විධිමත් මාර්ග හරහා තම ඉපැයීම් යොමු කරන සංක්‍රමණික සේවකයන්ට ඕනෑම වාණිජ බැංකුවක එවැනි අරමුදල් විදේශ විනිමය වශයෙන් තබාගත හැකිය. ඒ අනුව විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි "විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය" යටතේ එසේ කිරීමට සුදුසුකම් ලබන, එම ඉපැයීම් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් හට 2022 වසරේ ජනවාරි 31 දක්වා එ.ජ.