Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - අගෝස්තු 2023

2023 අගෝස්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

පසුගිය මාසවලට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වැඩිදියුණු වීමක්  සළකුණු කරමින්, ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 අගෝස්තු මාසයේදී දර්ශකාංක 49.3ක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටම කරා ආසන්න විය. තවද,  උප-දර්ශක සලකන විටදී, නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසයේදී ඉහළ ගිය අතර නිෂ්පාදන සහ සේවා නියුක්තිය තවදුරටත් කඩඉම් මට්ටමට පහළ අගයක පැවතුණි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, 2023 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 57.6ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, අගෝස්තු මාසය තුළ දී සේවා නියුක්තිය නොවෙනස්ව පැවති අතර, නිමකිරීමට නියමිත කාර්යයන් අඩු අගයක පැවතුනි. 

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය - අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම් වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සහ වැඩමුළුව (2023 සැප්තැම්බර් 6 සිට 8 දක්වා)

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳව මෙරට දේශීය බලධාරීන් තවදුරටත් දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ ආරාධනයකට අනුව, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. 

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් පිළිගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) මඟින් පියවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්  ප්‍රකාශයට පත් කරන ලද 2023 ජූලි 04 දිනැති භාණ්ඩාගාර බැදුම්කර සඳහා වන හුවමාරු යෝජනාව (හුවමාරු යෝජනාව) සහ ඉන් අනතුරුව 2023 සැප්තැම්බර් 12 දින නිවේදනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව (මෙහි  සඳහන් අර්ථ දක්වා නොමැති පදවලට අර්ථකතනයන්  හුවමාරු  යෝජනාවේ  අර්ථ දක්වා ඇත) රජය විසින්, වලංගු පිරිනැමීම් සඳහා පියවීමට ඇති සුදුසුකම්ලත් භාණ්ඩාගාර බැඳුම්කර, හුවමාරු යෝජනාවේ සඳහන් අනුපාතික සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික* සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) ලෙස පරිවර්තනය කර පහත සඳහන් ආකාරයට 2023 සැප්තැම්බර් 14 දින පියවීම් සිදු කරන ලදී.

සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට සහභාගීවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු අනුමැතිය මත සිදු කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට සුදුසුකම් සැපිරූ භාණ්ඩාගාර බැඳුම්කර හිමිකරුවෙක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) අදාළ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සඳහා සහභාගී වූ බව එහි සාමාජිකයින් වෙත මෙයින් දැනුම්දෙමු.  

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ දෙවන ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව නිකුත් කරයි

2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව සිදු කළ ජාතික අවදානම ඇගයීම මත පදනම්ව සකස්කර ඇත. රට තුළ පවතින මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ අවදානම් හඳුනා ගැනීම මෙම ඇගයීමෙහි අරමුණ විය. මෙම ඇගයීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම සැලකිය යුතු මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ තර්ජන, ඊට නතුවීමට ඇති ඉඩකඩ සහ අවදානම් ඉස්මතු කරයි.

බිම්පුත් ෆිනෑන්ස් පී එල් සී 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත්කල බලපත්‍රය අවලංගු කිරීම

011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත (මුදල් ව්‍යාපාර පනත) යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති සමස්ථ මුල්‍ය පද්ධති ස්ථායිතාවය සපල කරගැනීමේ අරමුණින් පනවන ලද පොදු විධාන සහ එම ආයතනයේ දුර්වල මුල්‍ය තත්ත්වය පිළිබද ගැටළු නිරාකරණය කර ගැනීමේ අරමුණින් පණවන ලද විශේෂිත විධාන සහ  නීතීන් ගණනාවක්  අඛණ්ඩව කඩකරමින්/ පටහැනි ලෙස කටයුතු කරමින් පැවතුනි. මෙම තත්වය හේතු කොටගෙන පැන නැගුණු  ඌන ප්‍රාග්ධන මට්ටම, ගුණාත්මක බවින් අඩු වත්කම්  සහ අඛණ්ඩව වාර්තා වූ අලාභයන් හේතුවෙන් එම ආයතනයේ මුල්‍ය තත්වය තවදුරටත් දුර්වල වී පැවතුනි.

මුදල් ව්‍යාපාර පනතේ  ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ  නීතීන් වලට මෙන්ම බැංකු  නොවන මුල්‍ය ආයතන එකාබද්ධ කිරීමේ සැලැස්ම සදහා ද අනුගතවීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්  කිහිප අවස්ථාවකදී කාලය දීර්ඝ කිරීම් සිදුකලද  එම පනතේ  ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ  නීතීන් වලට අනුගත වීමටත් , ආයතනයේ පැවති දුර්වල තත්ත්වය මගහරවා ගනිමින් සෑහීමකට පත්විය හැකි වර්ධනයක් පෙන්වීමටත් ආයතනය අපොහොසත් විය.

Pages