ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 65.0හි සිට 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 59.2 දක්වා තවදුරටත් පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 59.3 දක්වා තවදුරටත් පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 60.4හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 59.0 දක්වා පහළ ගියේය.