Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය - 2021

2021 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය  0.796ක අගයක් වාර්තා කළ අතර එය කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍ර වූ 2020 වසරේ වාර්තා කළ 0.764ක අගයට සාපේක්ෂව සුළු ඉහළ යෑමකි. මෙම ඉහළ යෑම සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය‘, ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන් තුනෙහිම වර්ධනය දායක වී ඇත.

ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයෙහි 2021 වසරේ ඉහළ යෑම සඳහා  2020 වසරට සාපේක්ෂව පවත්නා වෙළඳපොළ මිල අනුව ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ඉහළ යෑම, සේවා නියුක්තිය, වැටුප් හා කර්මාන්ත ඝනත්වය යන නිර්නායකයන් හි වැඩිදියුණු වීම හේතු විය. මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව 2021 වසරේ පැවති ඉහළ උද්ධමනය මෙම උපදර්ශකයෙහි වර්ධනය සඳහා අහිතකර ලෙස බලපාන ලදී. 

සම්පූර්ණ ලිපිය

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 61.0හි සිට 2022 වසරේ දෙවන භාගයේ දී පෙන්නුම් කළ පහළම අගය වාර්තා කරමින් දෙසැම්බර් මාසයේ දී සියයට 57.2 දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 73.7හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 64.4 දක්වා පහළ ගියේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 53.4හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.

“කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය - මහජන වගකීම් නැවත ගෙවීම

'ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම' යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුලදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට තීරණය කරන ලදී.

පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.) – 2021

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්වලින් බහුතරයක කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත, 2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් (2015 පදනම් වර්ෂයට අනුව ) සියයට 42.6ක් නියෝජනය කරමින් ජාතික නිෂ්පාදිතයට ප්‍රමුඛ දායකත්වය සැපයූ අතර, පසුගිය වසරට සාපේක්ෂව එම දායකත්වයේ වර්ධනයක් ද දක්නට ලැබුණි. වයඹ (සියයට 11.1) සහ මධ්‍යම (සියයට 10.1) පළාත් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ඉහලම දායකත්ව වාර්තා කර ඇත.

නාමික දළ දේශීය නිෂ්පාදිතයට බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලින් දක්වන ලද දායකත්වය 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී ඉහළයාමක් පෙන්නුම් කරන ලදී. මේ අතර, දකුණු, උතුරු සහ ඌව පළාත්වල දායකත්ව නොවෙනස්ව පැවතුණි. කෙසේ වෙතත්, මධ්‍යම, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල දායකත්වය 2021 දී සුළු වශයෙන් පහළ ගොස් ඇත.

“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධව

“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය, 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව තීරණය කරන ලදී. ඒ අනුව “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයට 2022 දෙසැම්බර් 28  දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර නොමැත. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින්, “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත 2000 අංක 56 දරන කල්බදු මුල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස ලබා දී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට තීරණය කර ඇත.

ජා.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 70.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 65.0 දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 80.9හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 69.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 61.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 60.4 දක්වා පහළ ගියේය. 

Pages