ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. 2022 ජනවාරි මාසයෙන් පසුව මෙම දර්ශකය කඩඉම් මට්ටම අභිබවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ. නව ඉදිකිරීම් කටයුතුවල ක්රමික වර්ධනයක් මෙන්ම අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති ජනවාරි මාසය තුළදී සීමිත වශයෙන් නැවත ආරම්භ කිරීමක් ද දක්නට ලැබුණු බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් කළහ.















