ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව අද දින (2023 ජූලි මස 31 වැනි දින) ප්‍රකාශයට පත් කළේය.
මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තුළින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
දේශීය හා ගෝලීය වශයෙන් වත්මන් සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ඉදිරිපත් කරයි. මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ තවත් අරමුණක් වන්නේ දැනට පවතින සහ අපේක්ෂිත ප්‍රවණතා සලකා බලමින් උද්ධමනය සහ ආර්ථික වර්ධනය පිළිබඳව සිදුකර ඇති පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබා දීමයි. එවැනි ඇගයීමක් මගින් මුදල් ප්‍රතිපත්ති තීරණවලට එළැඹීමේදී මුදල් මණ්ඩලයේ දැක්ම පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දීමට උපකාරී වනු ඇත.