Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරයි

ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිව්වන සමාලෝචනයට පාදක වන ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිපත්ති පිළිබඳව ජා.මූ. අරමුදලේ කාර්යමණ්ඩල කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වීය.

ගෝලීය අවිනිශ්චිතතාව තවමත් ඉහළ මට්ටමක පවතින අතර එය මූල්‍ය වෙළඳපොළ අස්ථාවරත්වයට දායක වේ. රජය වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින අතර, ඒවා ක්‍රියාත්මක කිරීම ශක්තිමත් සහ ප්‍රශංසනීය වන නමුත් බාහිර කම්පනයෙන් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම තක්සේරු කිරීමට තවත් කාලයක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ

2025 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.

පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම, රක්ෂණ සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයන්, කොටස් තැරව්කාර සමාගම්, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අවදානම් නිලධාරීන්ගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2024,  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අද දින (2025 අප්‍රේල් 7) පිළිගන්වන ලදී.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ ශ්‍රී ලංකා සංචාරය අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම් වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ඒ සඳහා සහාය ලබාදීමේ අරමුණින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 පෙබරවාරි

පෙර මාසයට සාපේක්ෂව ජංගම ගිණුම් අතිරික්තය සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ 2025 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය අඛණ්ඩව ශක්තිමත් විය.

2025 මාර්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය, අවධමන තත්ත්වයේ ලිහිල්වීමක් පෙන්නුම් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආර්ථිකයේ අවධමන තත්ත්වය ලිහිල්වීම ඇරඹුණි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, අඛණ්ඩව හත්වන මාසයටත් අවධමන කලාපයෙහි පැවතුනද, 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.2ක අවධමනයට සාපේක්ෂව 2025 මාර්තු මාසයේ දී සියයට 2.6ක පහළ අවධමනයක් වාර්තා කළේය. 

Pages

නිවේදන