ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 ජුනි මාසයේ දී දර්ශකාංක 58.6ක් ලෙස වාර්තා විය. ව්‍යාපෘතිවල සිදු වූ ධනාත්මක වර්ධනය මෙන්ම ස්ථාවර මිල මට්ටම් තුළින් පෙන්නුම් කළ පරිදි, ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය මේ සඳහා විශේෂයෙන්ම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
Published Date:
Thursday, July 31, 2025