Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජුනි මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2020 මැයි මාසයේ දී සියයට 11.1හි පැවැති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ දී සියයට 13.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ දී සියයට 0.8හි නො වෙනස් ව පැවතුණි

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේ ය.

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වා ගෙන යෑම

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සහ කොවිඩ් - 19 (Covid - 19 ) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සැලකිල්ලට ගෙන ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇති ව ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2020 ජුලි 02 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් නියමයක් නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 ජූනි

සංචරණ සඳහා පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන් ම ලිහිල් කිරීමත් සමඟ රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම හේතු කොට ගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූනි මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ  ගියේ ය. ඒ අනුව 2020 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 18.0කින් ඉහළ යමින් 2020 ජූනි මාසයේ දී 67.3ක අගයක් වාර්තා කළේ ය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 මැයි

2020 වසරේ මැයි මස දෙවන සතියේ දී සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීම් බොහොමයක් ඉවත් කිරීමත් සමඟ විදේශීය අංශය ස්ථාවර වීමේ සලකුණු පෙන්නුම් කළේය. මැයි මාසයේ දී භාණ්ඩ ආනයන සැලකිය යුතු ලෙස අඩු වීමත් සමඟ, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා පනවන ලද සීමා කිරීම්වල බලපෑම නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර, අප්‍රේල් මාසයේදී සැලකිය යුතු ලෙස පහත වැටුණු භාණ්ඩ අපනයන, මැයි මාසය තුළ දී අපේක්ෂිත මට්ට්ම ඉක්මවා  නැවත යථා තත්ත්වයට පත් විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2019 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2020 වසරේ මැයි මාසයේදී සැලකිය යුතු ලෙස අඩු වූ නමුත් 2020 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඉතා අඩු මට්ටමට සාපේක්ෂව සැලකිය යුතු වැඩි වීමක් වාර්තා කළේය. මූල්‍ය ප‍්‍රවාහ සැලකීමේදී, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ආයෝජන ප්‍රමාණය මැයි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් මත වූ ආයෝජනවල සුළු ගෙවීම් වාර්තා වීමත් සමඟ තවදුරටත් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි. 2020 වසරේ මැයි මස මැද භාගයේදී කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු නැවත ආරම්භ කිරීමත් සමඟ යම් විදේශීය ආයෝජන ගෙවීම් ප්‍රමාණයක් වාර්තා විය. ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය අඩු වීම හේතුවෙන්, ශ්‍රී ලංකා රුපියල මැයි මාසය තුළ සියයට 3.5ක අතිප්‍රමාණයක් වාර්තා කරමින් ස්ථාවර විය.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීම

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරේ.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන් ය. 2020.07.12 දින වන විට, ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් 19,279ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රුපියල් 5,175,336,249.68ක් (රුපියල් කෝටි 517ක් පමණ) වේ.

Pages