ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ සුදුසුකම්ලත් තැන්පතුකරුවන්/අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම 2021.05.10 වන දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනු ලබයි. ඒ අනුව, එදින හෝ එදිනෙන් පසු දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙස සුදුසුකම්ලත් තැන්පතුකරුවන්/එම තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.  එසේම මහජන බැංකු ශාඛා පරිශ්‍රයන්හි පිරිස් වශයෙන් රැස් නොවන ලෙසටත්, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටත් සුදුසුකම්ලත් තැන්පතුකරුවන්ගෙන්/ අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි ය.
0112 477 261 / 0112 398 788

අධ්‍යක්ෂ
නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඔ 01.

Published Date: 

Saturday, May 8, 2021