විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 පෙබරවාරි

පූර්ව වසංගත මට්ටම දක්වා අපනයන වර්ධනය වීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වීම සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය 2021 වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය කෙරෙහි හිතකර බලපෑමක් ඇති ක‌ළේ ය.  2021 වස‌රේ පෙබරවාරි මාසයේ වෙළෙඳ හිඟය මීට වසරකට පෙර වාර්තා වූ මට්ටමේ ම නො වෙනස් ව පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2021 වසරේ පෙබරවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන හා සම්බන්ධ ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2020 ජූලි මාසයේ දී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවි‍ධානයේ පහසුකමක් වශයෙන් ඉන්දියානු සංචිත බැංකුව හරහා ලබා ගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම කල් පිරීමෙන් අනතුරු ව 2020 පෙබරවාරි මාසයේ දී  ගෙවා නිම කරන ලදී. මාසය තුළ දේශීය විදේශ විනිමය වෙළළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය ලිහිල් කළ අතර, ක්‍රියාත්මක කරනු ලැබූ නියාමනයන් හේතුවෙන් ශුද්ධ පදනම මත මහ බැංකුවට විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට අවකාශය සැලසුණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, April 16, 2021