Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් 2024 ජූනි මස 13 සහ 14 දෙදින තුළ කොළඹ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට එම කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ සහභාගී වූහ.

"බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ මහ බැංකුකරණය" යන තේමාව යටතේ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සමුළුව පළමු දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලදී. පවත්නා ආර්ථික අභියෝගවලට මුහුණදීම සහ ආර්ථික වර්ධනය සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ගරු ජනාධිපතිතුමා සිය දේශනයේ දී අවධාරණය කළේය. මුදල් හා රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවයේ අවශ්‍යතාවය එතුමා යළිත් අවධාරණය කළ අතර රට තුළ කල්පවත්නා ස්ථායිතාවයක් සහතික කිරීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයන් ද අවධාරණය කළේය. මෙම සමාරම්භක අවස්ථාවට කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මහලේකම්, තානාපති මොහොමඩ් ගෝලම් සර්වර් මහතා ද සහභාගී විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ 2024 වසරේ හතරවන වගන්තිය යටතේ වන (Article IV) උපදේශනය නිමා කළ අතර, විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව වන දෙවන සමාලෝචනය සම්පූර්ණ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2023 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගන්නා ලදී. 2024 වසරේ අප්‍රේල් මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද, ආර්ථිකය කෙරෙහි අවදානම් තවමත් පවතින අතර, ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මග අභියෝගාත්මකය. ප්‍රතිසංස්කරණ පවත්වාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්න ආර්ථිකයේ කල් පවත්නා යථා තත්ත්වයකට පත්වීමට සහ ණය තිරසාරභාවය සඳහා ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස කටයුතු ආරම්භ කිරීම

දැනට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වැනි මුදල් පැවරීම් සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරී ආයතන විසින් නියාමනය කරනු ලැබේ. කෙසේ වෙතත්, ඒ හා සමාන සේවා සපයන සමහර ආයතන මුදල් පැවරීම් පද්ධතියට බාධා එල්ල විය හැකි අයුරින්ද මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම (Anti-Money Laundering/Countering of Financing of Terrorism) පිළිබඳ වූ නියාමන රාමුවට යටත් නොවෙමින්ද  විධිමත් පද්ධතියෙන් පරිබාහිරව ක්‍රියාත්මක වේ.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 මැයි මාසයේ දී පහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - 2024 අප්‍රේල්

පසුගිය වසරවල අලුත් අවුරුදු සමයේ පැවති රටාවට අනුගතව බොහෝ අංශවල ක්‍රියාකාරකම් මන්දගාමීවීම තුළ, ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 31.9ක් දක්වා පහත වැටීමක් වාර්තා කරන ලදී. මෙමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කරයි. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළ පරිදි, දීර්ඝ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් බොහෝ ඉදිකිරීම් වැඩබිම් මෙම මාසය තුළ තාවකාලිකව වසා දැමීම මෙම පසුබැසීමට හේතු වී ඇත. 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 අප්‍රේල්

ආනයන ඉහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන ඉහළ යෑම හේතුවෙන් (වාර්ෂික ලක්ෂ්‍යමය මත) 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ හිඟය අඩු විය. කෙසේ වෙතත්, 2024 වසරේ  ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය සඳහා සමස්ත වෙළඳ හිඟය පුළුල් විය.

සෘතුමය රටාවට අනුකූලව 2024 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් මන්දගාමී වුවද, සංචාරක අංශයේ වර්ධනය අඛණ්ඩව පවතියි.

සේවා අංශ වෙත වූ අනෙකුත් ලැබීම්  2024 වසරේ පළමු මාස හතර තුළ ශක්තිමත්ව පැවතුණි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ  විදේශීය ජංගම ගිණුමට සහ විදේශ විනිමය වෙළඳපොළෙහි ද්‍රවශීලතාවයට සැලකිය යුතු ලෙස අඛණ්ඩව දායක විය.

2024 වසරේ අප්‍රේල් මාසයේදී ද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙන් විදේශ ආයෝජන ගෙවීම් අඛණ්ඩව සිදු විය.

දළ නිල සංචිත 2023 වසර අවසානයට සාපේක්ෂව එ.ජ. ඩො. බිලියන 1කට වඩා වැඩිවීමක් වාර්තා කරමින් 2024 වසරේ අප්‍රේල් මාසය අවසාන වන විට එ.ජ. ඩොලර් බිලියන 5.5ක් විය.

Pages

නිවේදන