2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩ ව කඩ කරමින්/පටහැනි ව ක්‍රියා කරමින් පැවතුණි. තව ද, ප්‍රාග්ධණ ඌණතාව, වත්කම්වල අඩු ගුණාත්මක බව, අඛණ්ඩ අලාභ ලැබීම් සහ කල්පිරුණු විට දී හෝ ඉල්ලා සිටි විට දී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට අපොහොසත් වීම හේතු කොට ගෙන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී ඇත.
Published Date:
Friday, July 4, 2025