වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයුම් අඛණ්ඩ ව වර්ධනය වීම සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වර්ධනය වීම සමඟ 2016 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සුළු වශයෙන් වර්ධනය වූ අතර තේ, රබර් නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයන්හි මන්දගාමී ක්‍රියාකාරිත්වය හමුවේ අපනයන ඉපැයුම් අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, සමුච්චිත පදනම මත 2016 මැයි මාසය අග වන විට වෙළෙඳ හිඟය ඉහළ යෑමෙන් වූ බලපෑම සංචාරක සේවා මත වූ අඛණ්ඩ ඉපැයීම්, වර්ධනය වූ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ මූල්‍ය ගිණුම වෙත වූ මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණය සමඟ තරමක් දුරට සමනය විය.















Mr Anthony Nihal Fonseka has been appointed by His Excellency the President as a Member of the Monetary Board of the Central Bank of Sri Lanka with effect from July 27, 2016 in terms of Section 8(2)(c) of the Monetary Law Act.