2015 අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය අපේක්ෂා කළ පරිදි 2016 සැප්තැම්බර් මාසයේ දී සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 27.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 25.6ක් ලෙස වාර්තා විය. පෞද්ගලික අංශය සඳහා ලබා දුන් ණය වර්ධනයේ අඩු වීමක් සිදු වුව ද, රාජ්‍ය අංශය විසින් වාණිජ බැංකුවලින් ලබා ගත් ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම 2016 අගෝස්තු මස වාර්තා කරන ලද සියයට 17.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 18.4කින් ඉහළ ගියේ ය. මේ අතර, දේශීය මුදල් වෙළෙඳපොළ රුපියල් ද්‍රවශීලතාව නැවත සමතුලිත මට්ටමකට පත් වීම වෙළෙඳ පොළ පොලී අනුපාත දැනට පවතින මට්ටමේ ස්ථාවර ව පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැ යි අපේක්ෂිත ය.